Quick Guide for Beginners

  • Post category:Learning

Drawing pad brand සහ model එකට අදාලව device driver , Huion or XP-Pen official website හරහා හෝ NXTGen website එක හරහා download කර install කරගන්න. (අපගේ website එක හරහා model එකට අදාලව direct official links සපයා ඇත.).

පරිගණක මෙහෙයුම් පද්ධතිය (Windows/Mac OS/Linux) සමග නිවැරදිව සන්නිවේදන කිරීමට device driver software එක install කිරීම අත්‍යාවශ්‍ය වේ. තවද මෙමගින් drawing pad එකට අදාල settings වෙනස් කර ගත හැක. (buttons customize ,  pen pressure sensitivity  & active area adjustments etc).

හැකි නම් කලින් ලිපියේ video 1,2 නරඹන්න – Quick Introduction to Pen tablet

Draw/click/select/drag කිරිමේදී පමණක් pen එක Drawing pad එකෙහි ගෑ විය යුතු වේ. Pen එක භාවිතයෙන් Mouse cursor එක එහා මෙහා රැගෙන යාමේදී drawing area එකට උඩින් pen එක රැගෙන යා යුතුයි. Max pen reading height 10-12 mm.

මෙය භාවිතයේදී සැමවිටම පරිගණක තිරයෙහි Mouse cursor එක වෙතට ඇස යොමුව තබා ගැනීමට නවක ඔබ සිහි තබා ගන්න.

⚠ මෙහි pen එක සංවේදී උපකරණයක් බැවින් බිම වැටීමෙන් වළක්වා ගන්න.Drawing pad එකේ ඇඳිම සඳහා පමනක් යොදා ගන්න.

Exercise 1 – රූපයේ ආකාරයට Drawing pad area එකේ edgesවලට pen එක උඩින් රැගෙන යන්න. එවිට active area සහ පරිගණක තිරය සම්බන්ධ වන ආකාරය ගැන වැටහීමක් ලබා ගත හැක.

අභ්‍යාසයක් ලෙස දෙතුන් වතාවක් එලෙස කර වේගය වැඩි කර ද නැවත කරන්න.

ඔබ නවකයෙක් නම් මේ අභ්‍යාස ද කර බලන්න.

Exercise 2 – සරල හැඩතල (උදා. රවුමක්) කීපයක් විශාලව ඔබ භාවිතා කරන software එකේ හිස් පිටුවක අඳින්න. එහි එකක් තුළ ක්‍රමයෙන් කුඩා වන ලෙස එලෙස කීපයක් අඳින්න(රවුම තුළ කුඩා රවුම් කීපයක්). ඉතිරි හැඩතල සඳහාද එසේ කරන්න. ( Photoshop, Krita, MS Paint, MS Whiteboard,MS OneNote, OpenBoard)

Exercise 3- අන්තර්ජාලයෙන් රූපයක් ගෙන එය trace කරන්න.

1,2 අභ්‍යාස ඕනෑම අයකුටත් 3 අභ්‍යාසය digital art සහ design ක්ෂේත්‍රයේ අයටත් යෝජනා කරමි.