Quick Introduction to Pen tablet

  • Post category:Learning

වෙනත් නම් : Drawing pad , Graphic tablet.

Mouse එක මෙන් drawing pad එක computer input tool එකක් වන අතර මෙයිනුත් වෙන්නේ mouse cursor එක control කිරීමයි. පෑනක් වගේ දෙයකින් control කරන නිසා freehand drawing tools භාවිතය මෙයත් සමඟ පහසු කරයි. (ex. Photoshop, Illustrator brushes)

ප්‍රධාන වශයෙන් drawing area size එකෙන් models වෙනස්වන අතර ඊට අමතරව design/look එකෙන් සහ buttons & controls වලින් වෙනස් වේ.

💡 Vector design සමහර style වලදී illustrator pen tool භාවිතා වේ. එහිදී point to point, click කර design කරන නිසා mouse එකට වඩා අමතර පහසුවක් drawing pad එකෙන් නොලැබේ.

Mouse සහ Drawing pad අතර වෙනස්‌කම්

1. Mouse එක relative pointing device එකකි. (cursor එක ගමන් කරන්නේ කලින් තිබු තැනට සාපේක්ෂවයි.) drawing pad එක absolute pointing device එකකි. (නියත/නිරපේක්ෂ)

2. Drawing pad එක pressure sensitive device එකකි. Pen එක තද කරන ප්‍රමාණයට brush opacity, thickness වෙනස් වීමට භාවිතා කරන drawing software එකෙහි brush settings සැකසිය හැක.

*Mouse එක වෙනුවට ඕනම software එකක ද මෙය භාවිතා කළ හැක.

Video 1 - මෙයින් drawing pad එකේ active area එක පරිගණක තිරයට අනුරුපණය(mapping) වන ආකාරය සහ drawing pad එකේ අනෙකුත් features ගැන අදහසක් ලබා ගත හැක.

Video 2 - මෙයින් mouse සහ drawing pad අතර වෙනස් කම් සහ drawing pad එක භාවිතයෙන් cursor /mouse pointer එක පාලනය කරන ආකාරය ගැන අදහසක් ගත හැක.

Video 3 - Drawing pad pen එකෙහි ඇති pressure sensitivity එක Adobe Photoshop Brushes සමග භාවිතා වන ආකාරය දැක්වේ.

Drawing pad භාවිතා කරන ක්ෂේත්‍ර

පෑනක් වගේ සුපුරුදු දෙයකින් mouse pointer එක control කරන නිසා නිදහස් අතින් රේඛා ඇඳීමට හැකිය. natural brush එකක මෙන් සිහින්-මහත් සහ ළා – තද පරාසයක රේඛා ඇඳීමට සහ color shading,blending කිරීමට pressure sensitivity උපකාරී වේ.

මෙහිදී clay brushes යොදා ගෙන නිර්මාණය කිරීමට උපකාරී වේ. pressure sensitivity මගින් brush size සහ strength එක pen එක තද කරන ප්‍රමාණයට පාලනය කළ හැක.

Retouching කිරීමේදී නිතර වේගයෙන් mouse click කිරීමට සිදු වන නිසා කාලයක් යද්දී අතට සහ ඇඟිලි වලට අපහසුවක් සහ වේදනාවක් දැනේ. Drawing pad එක මගින් එය වළක්වා ගත හැක. ( pen එක drawing pad එකේ touch කිරීම mouse click එකට සමාන වේ. mouse මගීන් click කිරීමේදී මෙන් ආයාසයක් මෙහිදී යෙදිය යුතු නොවේ.)

Zoom,MS Teams වැනි software භාවිතයෙන් online teaching sessions කිරීමේදී ලිවීමට ,සටහන් ඇඳීමට සහ ඉගෙනුම් උපකාරක දෑ (video, pdf, documents) සැදීමේදී භාවිත වේ. තව ද MS OneNote වැනි software එකක් භාවිතයෙන් digitally note ලිවීමේදී භාවිතා කළ හැක.(subject related notes, day planning, brainstorming, to-do list etc. )

💡 Vector design සමහර style වලදී illustrator pen tool භාවිතා වේ. එහිදී point to point, click කර design කරන නිසා mouse එකට වඩා අමතර පහසුවක් drawing pad එකෙන් නොලැබේ.

💡 Graphic design සමහර style වලදී illustrator pen tool භාවිතා වේ. එහිදී point to point, click කර design කරන නිසා mouse එකට වඩා අමතර පහසුවක් drawing pad එකෙන් නොලැබේ.

Footnotes

 video 2 -සම්පුර්ණ video එක බැලීමට R2 Studio Masterclass channel වෙත පිවිසෙන්න.